ගැටුමක් හේතුවෙන් සිසුන් 10ක් රෝහල්ගත කෙරේ
වැල්ලවත්ත ප්‍රදේශයේ පාසල් දෙකක් අතර පැවති පාපන්දු තරඟයක් අතරතුර ගැටුමක් හටගෙන තිබෙනවා.
පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් අතර මෙම ගැටුම හටගෙන ඇති බව සඳහන්.ඊයේ සවස් වරුවේ මෙම ගැටුම හටගෙන තිබෙනවා.
ගැටුම අතරතුර පාසල් සිසුන් දස දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වුනා.
එම තුවාල ලැබූ පාසල් සිසුන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

