Latestදේශීය

13 යනු ව්‍යවස්ථාවයි – එය ක්‍රියාත්මක කළ යුතුයි

13 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරට ආණ්ඩුකම ව්‍යවස්ථාව කොටසක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එනිසා එය මඟහැර යා නොහැකි බව පැවසූ ඔහු රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එය ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවද සඳහන් කළේය.

13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් රටට ගැළපෙන පරිදි ක්‍රියාත්මක කිරීම අවශ්‍යතාවක් බවත් පැවසූ ඒ මහතා මෙය සිදු කිරීමට පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බවත් පැවසීය.

රටවල් ගණනාවකට එය ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වී ඇති බවත් එනිසා එම සංශෝධනය අහෝසි කිරීමට කිරීමක් සිදු කල නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම සංශෝධනය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධ ව්‍යවස්ථා සංශෝධන තුනක් ලෙස තමන් විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *