මීරිගම අඹේපුස්ස දුම්රිය මාර්ගය තනි මාර්ගයක් කරයි
පොල්ගහවෙල හන්දිය සිට රත්මලාන දක්වා ධාවනය වන අර්ධ ශීඝ්‍රගාමි දුම්රිය විලවත්ත සහ මීරිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය හරස් මාර්ගයේ ලොරි රථයක් (කන්ටේනර් ප්‍රවාහන) ගැටීමෙන් සිදු වූ අනතුර නිසා මීරිගම අඹේපුස්ස දුම්රිය මාර්ගය මේ වන විට තනි මාර්ගයක් ලෙස භාවිතා කිරීම සඳහා විවෘත කර ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී.එස්.පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේය.
මෙම අනතුර නිසා ප්‍රධාන මාර්ගයේ ඉහළ සහ පහළ ගමන් ගන්නා උදෑසන කාර්යාලයීය දුම්රියන් සියල්ල ප්‍රමාද වී ධාවනය විය.
මේ හේතුවෙන් සිදු ව ඇති හානි පිළිබඳව සොයා බලා කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

