Latestවිදේශීය

ජනාධිපති අපේක්ෂකයකු ඝාතනය කරයි

ඉක්වදෝරයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පෙනි සිටින අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ෆර්නෑන්ඩු විලෙවිසෙන්සියෝ නමැති ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහු ක්විටෝහි පැවති දේශපාලන රැලියකට සහභාගී වී ඉන් පිටත්ව යාමට මෝටර් රථයකට නැගීමට උත්සාහ කිරීමේ දී හිසට තැබූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු ද ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉක්වදෝරයේ ජනාධිපතිවරණ ඡන්දයේ පළමු වට ලබන 20 වන දින ආරම්භ වීමට නියමිතව තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *