විමල් වීරවංශට එරෙහි මිලියන 75ක මූළ්‍ය වංචා නඩුව කල්යයි
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංස පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇමත ධුරයක් හොබවමින් සිටියදී රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුව කැඳවීම ඔක්තෝම්බර් මස 27 වන දින දක්වා කල් දමා තිබේ.
ඒ එම නඩුව ඊයේ (09) කැඳවූ අවස්ථාවේදීය.
මෙලෙස මහාධිකරණය නඩුව කල් දමා ඇත්තේ, විත්තිය විසින් ගොනුකර තිබෙන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීමට දිනයක් ලබාදෙන්නැයි විත්ති පාර්ශවය සිදුකළ ඉල්ලීමට අනුවය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

