Latestදේශීය

කමිටු වාර්තාව කෙහෙළියට

ආසාත්මිකතා හා සංකූලතා ඇතුළු සිද්ධීන්ගෙන් මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයාබැලීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙන බව වාර්තා වේ

ඒ එම කමිටුවේ සභාපති, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් මහතා ඇතුළු කමිටු සාමාජිකයින් පිරිසක් විසින් මෙම වාර්තාව සකස් කර ඇති බව සඳහන.

අදාළ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් ලබා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක රෝගීන්ගේ සිදු වූ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් ඒ පිළිබදව විද්‍යාත්මකව සොයාබැලිමටයි මෙම කමිටුව පත් කරනු ලැබුවේ.ඉකුත් ජුලි 17 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවා.

ඒ අනුව ඇති වූ සිද්ධි 06 සැළකීමේ දී ඉන් 05 ක්ම දරුණු ආසාත්මිකතා (Anaphylaxis) හේතු කොටගෙන සිදු වූ බව වාර්තාවේ සඳහන්.

මෙම සිද්ධීන්ට හේතු වූ ඖෂධවල තත්ත්ව පරීක්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතින අතර, එම පරීක්ෂණ ගැඹූරින් විග්‍රහ කිරීමට වැඩි කාලයක් ගත වන බැවින් එම වාර්තාවේ නිරික්ෂණ ද සහිතව සවිස්තරාත්මක ඇගයීම් කමිටු වාර්තාවක් සමග ඒවා ඉදිරිපත් කිරිමට නියමිත බවද සදහන් .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *