Latestදේශීය

අද පාර්ලිමේන්තුව

අද (11) රැස්වන පාර්ලිමේන්තුවේ පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා සඳහා කාලය වෙන්කර තිබේ.

ඒ අනුව පළාත් පාලන ආයතනවල කසළ බැහැර කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් ආයතන දැඩි නියාමනයකට ලක්කිරීම, පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම යන පෞද්ගලික මන්ත්‍රී යෝජනා අද ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම මෙරට ගුරුවරුන් සඳහා වසර 05කට වරක් ස්ථාන මාරුවීම් ලබාදීම සහ විදේශගත ශ්‍රමිකයන්ට සුබසාධනය සැලසීම යන පෞද්ගලික මන්ත්‍රී යෝජනා ද අද දිනයේ ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීම ද අද පස්වරු 2.00ට පැවැත්වීමට නියමිත අතර ඊට ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *