වියළි කාලගුණය නිසා ජලය බෙදා හැරීමට බාධා
වියළි කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය මධ්‍යස්ථාන 18 කට ජලය බෙදා හැරීමට බාධා මතුව තිබේ.
දිවයින පුරා ජලය බෙදා හැරීමේ මධ්‍යස්ථාන 344 ක් පවතින බවත් ඉන් තවත් මධ්‍යස්ථාන 32 ක් අවදානම් මට්ටමේ පවතින බවත් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී දකුණ, සමන්ත කුමාර මහතා සඳහන් කළේ ය.
මේ වන විට අදාළ ප්‍රදේශවල කලාප වෙන්කොට මුර ක්‍රමයට ජලය බෙදා හැරීම ආරම්භ කර ඇති බවත් ඇතැම් ප්‍රදේශවලට බවුසර් මගින් ජලය සපයෙන බව සමන්ත කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
උණුසුම් කාලගුණය හේතුවෙන් හම්බන්තොට, බදුල්ල, මොණරාගල, අම්පාර, කුරුණෑගල සහ යාපනය දිස්ත්‍රික්කවලට වැඩි වශයෙන් මෙම බලපෑම් එල්ල වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

