අධිකරණය පාගාගෙන සිටින රනිල්ට එදිරිව සටන තියෙන්නේ මහපාරේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණය පාගාගෙන සිටීමේ තරම සේවක අර්ථසාදක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල කොල්ලකෑමට ගෙනයන ක්‍රියාමාර්ගවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බ්නධයෙන් ලබාදුන් තීන්දුවෙන් ගම්‍යවන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
ජනාධිපති සමග එක් වී සිටින පොහොට්ටු කල්ලිය අත එසවීමෙන් විශ්‍රාම වැටුප් අරමුදල් කොල්ල කෑමට ආණ්ඩුවට අවස්ථාව ලබාදී ඇතැයිද දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම යටතේ විශ්‍රාම වැටුප් අරමුදල්වලින් ලබාගෙන තිබෙන 26%ක ණය ප්‍රමාණය කපාහැරීමට ක්රියාකරණ අතර ඉතිරි 74%ක ප්‍රමාණය අයිතිව සිටින මහ බැංකුව සහ පෞද්ගලික අංශය නිදහස් කර ඇති බව වැඩිදුරටත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ හෙළිකරණු ලැබීය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

