Latestදේශීය

මහින්ද අභියෝග කුසලාන තරගාවලියට පොහොට්ටුවේ ප්‍රභලයින්ගෙන් විරෝධය

පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පැවත්වෙන මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගයට සහභාගී නොවන ලෙසට ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පිරිසක් පවසා ඇතැයි වාර්තා වේ.

පොහොට්ටුවේ කටයුතුවලට සම්බන්ධ වුවහොත් ජනාධිපතිවරයාගෙන් ලකුණු කැපෙනු ඇති බවත් එනිසා මෙම ක්‍රිකට් තරගයට නොයන ලෙසත් දන්වා ඇත.

කෙසේ වෙතත් මෙම දැනුම් දීම නොතකා පිරිසක් සහභාගී වී ඇති අතර කිහිප දෙනෙකු කලින් යොදාගත් රාජකාරී නිසා පැමිණීමට නොහැකි බව දන්වා තිබිණි.

වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරඟාවලිය’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා නාමල් රාජපක්ෂ, ඉන්දික අනුරුද්ධ, සී.බී. රත්නායක, සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර, එස්.එම්. චන්ද්‍රසේන, ඩබ්ලිව්. ඩී. වීරසිංහ, රෝහණ දිසානායක, ජනක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, ගයාශාන් නවනන්දන යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පිරිසක්  සහභාගී  විය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *