අද සිට අස්වැසුම විරෝධතා විභාග කෙරේ
අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14) සිට ආරම්භ කරන බව මහනුවර දී මාධ්‍ය හමුවක් කැඳවමින් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කර තිබේ.
ඒම මණ්ඩලය සඳහන් කළේ, විරෝධතා විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවයි.
මේ වන විට අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව 217,000 ක් වන අතර ඒවා දින 5 ක් තුළ විභාග කර අවසන් කිරීමට නියමිතව ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

