Latestදේශීය

බන්ධනාගාර නිලධාරියෙකුට පහරදුන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

වැලිගම බස් නැවතුම්පොළේ දී ගාල්ල බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නිලධාරීයෙකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පහරදීම සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැලිගම, මිදිගම සහ අහංගම යන ප්‍රදේශවලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 19ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්න් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සමගම පහරදීම සඳහා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

පසුගිය 05 වන දින ගිනිඅවි සමඟ මුහුණු ආවරණය කරගත් 10 දෙනෙකු එම නිලධාරීයා රැඳී සිටි බස් රථයට ඇතුළු වී පහරදීමක් සිදුකර තිබෙන බවද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *