බම්බලපිටියේ අනතුරක්
බම්බලපිටිය ප්රදේශයේ අද(14) උදෑසන රිය අනතුරක් සිදුව තිබෙනවා.මෙම අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වෙන්නේ.
කොළඹ සිට ඩුප්ලිකේෂන් මාර්ගය ඔස්සේ කතරගම බලා ධාවනය වූ බස් රථයක් බුලර්ස් පාර හන්දියේදී තුම්මුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය සදහන් කරයි.
බස් රථය පෙරළී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු ගමන් කර තිබේ.ඉන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

