හවායි ලැව්ගින්නෙන් අතුරුදන් වූවන් සොයන්න DNA සාම්පල පරික්ෂාවක්
හවායි දූපතේ Maui ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 93 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර එම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අනතුරු අගවා ඇත.
කෙසේ වෙතත් අතුරුදන් වූ ඥාතීන් සිටින පුද්ගලයින්ගෙන් බලධාරීන් ඉල්ලා සිටින්නේ DNA සාම්පල ලබා දෙන ලෙසයි.
එක්සත් ජනපදය මෙතෙක් මුහුණ දුන් විශාලතම ස්වාභාවික විපත මෙය වන අතර ලහයිනා නගරය ලැව්ගිනිවලින් දරුණු ලෙස විනාශ වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.
එහි ගොඩනැගිලි 1,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර විදුලිය සහ සංඥා ඇනහිටීම හේතුවෙන් ජංගම දුරකථන දැනුම්දීම්වලට ද බාධා මතුව ඇති බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

