Latestදේශීය

13 ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ජනාධිපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතුයි – පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහා ජනාධිපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව පැපිලියාන සුනේත්‍රා දේවී පරිවෙණාධිපති මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කර ඇත.

උන්වහන්සේ සඳහන් කළේ ජනතාව එලෙස බලය ලබාදෙන්නේ නම් ඒ අනුව ඔහුට කටයුතු කළ හැකි බවයි

පවතින ජනවරම ලබාදී ඇත්තේ, නව ව්‍යවස්ථාවක් හරහා බෙදුම්වාදය නොමැති රටක් නිර්මාණය කිරීමට බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මෙම අදහස් සඳහන් කර අත්තේ කොළඹ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *