Latestවිදේශීය

රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක්

රුසියාවේ දකුණු දිග ප්‍රදේශයේ ඩැගෙස්ථාන් නගරයේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක් සිදු වී තිබේ.

එහිදී පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තුවාල ලැබූ පුද්ගලයින් මොස්කව් වෙත රැගෙන යාම සඳහා විශේෂ ගුවන් යානයක් ද යොදවා තිබේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි සඳහන් වන්නේ.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පිපිරීමත් සමඟ ඉන්ධන පිරවුම්හලේ ගින්න වර්ග අඩි 6,000ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබීම හේතුවෙන් තවදුරටත් පිපිරීම් ඇති වීමේ අවදානමක් පවතින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *