දේශීය

පනිච්චන්කුලම ප්‍රදේශයේ රිය අනතුරක් – තිදෙනෙක් ජීවිතක්ෂයට

මාන්කුලම පොලිස් වසමේ ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ  අද (15) අලුයම  දී සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සඳහන් කළේ වෑන් රථය එම දිශාවටම නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ලොරිය ඉදිරියේ තිබූ තවත් ලොරියක ගැටී අනතුර සිදුව ඇති බවයි.

පිටුපස ලොරියේ රියදුරු රථයෙන් බැස සිට ඇති අතර ඔහු ලොරි රථ දෙකට සිරවී බරපතළ තුවාල ලබා ඇත.අනතුරට පත් ලොරි රථයේ පිටුපස සිටි පුද්ගලයෙකු හා වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙක් ද බරපතළ තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමේ දී තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 38, 46 හා 58 යන වයස්වල පසුවූවන් බව වාර්තා වේ.

අනතුරට පත් වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු හා ලොරි රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ද, ලොරි රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් තිදෙනෙක් මාන්කුලම රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *