වනිඳු ටෙස්ට් පිටියට සමුදෙන්න තිරණය කරයි
ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
වනිඳු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දන්වා ඇත.
ඔහු එහි සඳහන් කර ඇත්තේ සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් යොමුකිරීමේ අරමුණෙන් තමා එම තීරණය ගත් බවයි.
කෙසේවෙතත් වනිඳු හසරංග මේ වන විට ටෙස්ට් තරග 4කට සහභාගී වී කඩුලු 4ක් දවාගෙන ඇති අතර පන්දුවට පහර දීමේදී ලකුණු 196ක් වාර්තා කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

