අගමැති දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා චීනයට
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් ඇත.
චීනයේ කුන්මින්හි දී හෙට (16) දිනයේ සිට එළඹෙන 20 වන දින දක්වා පැවැත්වෙන චීන දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
පොදු සංවර්ධනය සඳහා සහයෝගිතාව සහ සම්බන්ධීකරණය මෙම ප්‍රදර්ශනයේ තේමාව වන අතර මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60ක් සහභාගී වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

