Latestදේශීය

උඩරට දුම්රිය ධාවනය සීමා කෙරේ

ගසක් කඩා වැටීම හේතුවෙන් ඉහළකෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මේ නිසාවෙන් දුම්රිය 07ක ධාවන මේ වන විට ප්‍රමාද වී ඇති අතර කොළඹින් පිටත්වන දුම්රිය රඹුක්කන දක්වා පමණක් ධාවන වන බවත් බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය කඩුන්නාව දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර දුම්රිය මාර්ගයෙන් පහළ කොටසේ නිවාස ඇති හේතුව නිසාවෙන් මේ සඳහා පැය කිහිපයක් ගත වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරට සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *