Latestදේශීය

එජාප සජබ දීගය

ඉදිරි ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජයග්‍රහණය කළහොත් සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ කොන්දේසිය මත ඔහුට සහය පල කල යුතු බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසකගේ මතය වී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඩේලි මිරර් වෙත සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපති වික‍්‍රමසිංහට සහය දීමට පක්‍ෂයේ පිරිසක් කැමති බව පක්ෂයේ මන්ත්‍රීවරයකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා ඇති බවයි.

මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණ පැවැත්වූ පසු වික‍්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කරනු ඇති නිසා නව ගිවිසුමක් අවශ්‍ය නැති බව ද සේනාරත්න මහතා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම මතවාදයක් සමග සමගි ජන බලවේගය දෙකඩ වී ඇතැයිද පුවත්පත තවදුරටත් වාර්තා කරයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *