ක්‍රිප්ටෝ කරන්සි පිරමිඩ් ජාවාරමට මහබැංකු නිළධාරීන් සම්බන්ධ ද?
‘රටේ මූල්‍ය බුද්ධි අංශයක් තිබෙනවා ඒ වගේම රටේ බැංකු පද්ධතිය සහ මූල්‍ය පද්ධතිය පිළිබඳව මහ බැංකුව නිරන්තරයෙන් සමීප අධ්‍යයනයක පසුවෙනවා කියනවා. එසේ තිබියදී මේ පිරමීඩ ජාවාරම් ජයටම සිදු වෙන්නේ කෙසේද.. මහ බැංකු නිලධාරීන් මේවාට සම්බන්ධද’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රශ්න කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
“අද සමාජ මාධ්‍ය ජාල යොදා ගනිමින් ‘ක්‍රිප්ටො කරන්සි – ක්‍රිප්ටෝ ට්‍රේඩින්’ ලෙස පෙන්වමින් ශ්‍රී ලංකාව තුළ ඉතා ශීඝ්‍රයෙන් පිරමීඩ ජාවාරම් පැතිර යමින් තිබෙනවා. මෙම පිරමීඩ ජාවාරම්කරුවන් කෝටි 100-200 උපයාගෙන රටින් පැන ගියාට පසුවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදන නිකුත් කරන්නේ, ‘මෙය පිරමීඩ ජාවාරමකි. ඊට හවුල් නොවන්න’ කියා. අපේ රටේ මූල්‍ය බුද්ධි අංශයක් තිබෙනවා ඒ වගේම රටේ බැංකු පද්ධතිය සහ මූල්‍ය පද්ධතිය පිළිබඳව මහ බැංකුව නිරන්තරයෙන් සමීප අධ්‍යයනයක පසුවෙනවා. එසේ තිබියදී මේ පිරමීඩ ජාවාරම් ජයටම සිදු වෙන්නේ කෙසේද? මහ බැංකු නිලධාරීන් මේවාට සම්බන්ධද? මේ ජාවාරම් කල්තියා හඳුනාගැනීමට බැරි වන්නේ තාක්ෂණ ගැටළු නිසාද? මේවා වැළැක්වීමට නීතිමය බාධක තිබෙනවාද? මේ සියල්ල පිළිබඳව මහ බැංකුව රට හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළ යුතුව තිබෙනවා.
මේ තත්ත්වය මහ බැංකු අධිපතිවරයාට නොතේරෙනවා, කියා හෝ ඔහුට මේ ජාවාරම්වලින් කොමිස් ලැබෙනවා, කියා හෝ අපි හිතන්නේ නැහැ. පොදුවේ ‘පිරමීඩ ජාවාරම්වලට හසු නොවන්න’ කීවාට ජනතාවට ඒවායෙන් ගැලවීමට බැහැ. සමාජ මාධ්‍ය, නූතන උපක්‍රම භාවිතා කරමින් සිදු කරන මේ ජාවාරම් පිළිබඳව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙන වගකිවයුතු ආයතනයක් හැටියට, ඒවා කල්තියා හඳුනාගෙන මහජනයා දැනුවත් කිරීමට මහ බැංකුව කටයුතු කළ යුතුයි. එහෙම නැතුව ‘අශ්වයා පැන ගියාට පසුව ඉස්තාලය වහනවා’ වගේ කෝටි 100-200 උපයාගෙන පිරමීඩ ජාවාරම්කරුවන් රටින් පැන ගියාට පසුව නිවේදන නිකුත් කරලා වැඩක් නැහැ.
අපි දැක්කා LPL ක්‍රිකට් තරඟාවලියටත් මේ පිරමීඩ ජාවාරම්කාර ආයතන අනුග්‍රහය දක්වා තිබෙනවා. මේ විදියට LPL ක්‍රිකට් තරගාවලියට පිරමීඩ ජාවාරම්කරුවන් අනුග්‍රහය දක්වන තෙක් මහ බැංකුව නිදාගෙනද හිටියේ? මහ බැංකුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ පිළිබඳව දැනුම් දුන්නේ නැද්ද? මහ බැංකුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර අන්තර් සබඳතාවක් නැද්ද? මේ පිළිබඳවත් මහ බැංකුව වගකිවයුතු ප්‍රකාශයක් කරයි, කියා අපි බලාපොරොත්තු වෙනවා
@ Media unit
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

