Latestදේශීය

සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

එළඹෙන 19 වනදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.

ඒ අනුව 19වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 20වන ඉරිදා අලුයම 02.00 දක්වා සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කොට්ටේ සහ කඩුවෙල නගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය බලප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *