Latestදේශීය

අද වැසිවාර කිහිපයක්

අද (18) දිනයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ත් 45ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?