රනිල්ගේ මඩුපල්ලියේ කතාවට කිතුණු ජන විරෝධය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මඩු පල්ලියේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වෙමින් කළ දේශපාලන කතාව පිළිබඳව එම බැතිමතුන්ගේ ලිඛිත විවේචන පලවීමට පටන් ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ පැරණිම සිංහල පුවත්පත ලෙස සැලකෙන කිතුණු පුවත්පතක් වූ ඥානාර්ථ ප්‍රදිපයේ අළුත්ම කළාපයේ කතුවැකිය වෙන් කර තිබේනනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මඩු පල්ලියේදී සිදු කළ දේශපාලන කතාව පදනම් කරගෙනය. එයට ප්‍රතිචාර දැක්වූ කිතුණු බැතිමතුන්ගේ අදහස් ඇසුරින් සකස් කළ කතුවැකියේ සිරස්තලය “මඩු පල්ලිය සහ ජනාධිපති කථාව” යනුවෙන් යොදා තිබේ.
ඒ සඳහා පදනම් කරගෙන තිබෙන්නේ, “අපේ පල්ලිවලට මේ ලෙඩේ බෝවෙන්න දෙන්න එපා” යනුවෙන් වේදනාවෙන් එම පුවත්පතට දක්වන ලද කරුණු පදනම් කරගෙනය. එහි කතුවරයා කතුවැකිය අවසානයේ අවධාරණය කර තිබෙන්නේ මෙම විවේචනාත්මක අදහස් සෘණාත්මක අදහස් ලෙස බාරනොගන්නා ලෙසය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

