විශේෂඥ වෛද්‍යවරු නැහැ – රෝගී දරුවන් කරාපිටියෙන් කොළඹට
(ජී . ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බව වාර්තා වී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් මෙම පරීක්ෂණ නියමිත වෙලාවට නොකිරීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇතැයි ද පැවසේ.එමෙන්ම මෙම කටයුත්ත සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ද කියැවේ.
මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ උසස් නිලධාරියෙකුගෙන් විමසූවිට පවසා සිටියේ ළමා හෘද කැතීටකරණය ඒකකයේ සිටි වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයකු රට හැරදා විදේශගතව ගිය බවත් අනෙක් වෛද්‍යවරයා මේ වන විට පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
රෝගීන් ගේ දෙමාපියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා වෛද්‍යවරයකු පත් කරන ලෙසයි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

