Latestදේශීය

විසදුම මානුෂීය ධනවාදය – සජිත් ප්‍රේමදාස

ආර්ථිකය ගොඩනගන ප්‍රධාන ඩයිනමෝව එන්ජිම කර්මාන්ත බව සමගි ජන බලවේගය විශ්වාස කරන බව එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ විපක්ෂයෙන් විපක්ෂ නායක කමිටුව හා දේශීය ව්‍යාපාරිකයන් අතර පාර්ලිමේන්තුවේ දී පැවති හමුවකදී ය.

ඉහලම ධනවතා පමණක් ශක්තිමත් කරන නව ලිබරල්වාදී ප්‍රතිපත්තියක තම පක්ෂය නැති බවත් මානුෂීය ධනවාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් තම පක්ෂය ගෙන යන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ඒ හරහා ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් ශක්තිමත් කර ධනය උත්පාදනය කර ධනවාදයේ අඩුපාඩු හඳුනාගෙන බෙදීයාම සාධාරණ සිදුකිරීමේ සංකල්පය ක්‍රියාත්මක කරන බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *