Latestදේශීය

හෝමාගම ගින්න පාලනය කෙරේ

හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්තශාලාවක හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ.

තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදනාගාරයක් ගින්නට හසුවීමෙන් විනාශවී ඇත.

ඊයේ (17) රාත්‍රියේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා හොරණ සහ කෝට්ටේ ගිනිනිවන ඒකකවල ගිනිනිවන රථ 07ක් යොදවා තිබු අතර පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනිනිවන ඒකකයේ රථ ද යොමුකර තිබුණි.

ගින්න පාලනය කිරිම සඳහා අවශ්‍ය සහයෝගය දැක්වීමට යුද හමුදා කණ්ඩායමක් යොමු කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය.

ගින්නෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවන අතර හෝමාගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ඊයේ පස්වරුවේ හඟුරන්කෙත නාරංමැඩිල්ල ප්‍රදේශයේ හටගත් ගින්නකින් අක්කර 10ක පමණ භුමි ප්‍රදේශයක් විනාශවී ඇති බව පොලීසිය පැවසීය.

උප්පුවේලී වෙල්ගම්වෙහෙර කැලෑ ප්‍රදේශයේ ද ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 05ක පමණ භුමි ප්‍රදේශයක් විනාශවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *