Latestදේශීය

මහින්දගේ කුපාඩි තියරිය ගැන උදයංග කියයි

මහින්ද රාජපක්ෂගේ පුංචි අම්මාගේ පුතා වන උදයංග වීරතුංග මව්බිම පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් රාජපක්ෂ පරපුරේ යටගියාව යම් ප්‍රමාණයකට හෙළිකර තිබේ.

එම පුවත්පතේ මාධ්‍යවේදි තිස්ස කොරතොට නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කළ ඇති ප්‍රකාශය විශේෂයෙන් අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතී.

“මෙයා මට කියනව ම්ල්ලි උඹ එක්කෝ ඉගෙන ගෙන ප්‍රසිද්ධ වෙයන්. නැත්නම් ක්‍රීඩා කරලා ප්‍රසිද්ධ වෙයන්. එහෙමත් බැරි නම් මොන කුපාඩිකමක් කරලා හරි ප්‍රසිද්ධ වෙයන් කියලා.“ යනුවෙන් මහින්ද රාජපක්ෂ අවවාද දුන් බව උදයංග සඳහන් කර තිබේ.

රාජපක්ෂ මුල් යුගයේදී නාමල් රාජපක්ෂලා මහනුවර දළදා මාලිගාව සමීපයේ මෝටර් රථ ධාවන තරඟ පවත්වමින් විදේශීය ගණිකාවන් පවා යොදා ගෙන ජේආර්, ප්‍රේමදාස යුගය පරාද කරන පාදඩකරන ක්‍රියාමාර්ග තරුණයන්ට හඳුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂගේ මෙම අවවාද අනුව බව උදයංග කර ඇති ප්‍රකාශයෙන් තහවුරු වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *