Latestදේශීය

රනිල් රට ගියා – කල්ල මරේ තියා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ ගතවන විට ඇතැම් අමාත්‍යංශ සඳහා වැඩ බලන ඇමතිවරුන් විශාල පිරිසක් පත් කිරීමට සිදුවී තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා සිංගපූරුව බලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති මේ වනවිට රටින් බැහැරව සිටී. මේ නිසා ජනාධිපතිවරයා අත තබාගෙන සිටින අමාත්‍යංශ 4ක් සඳහා පමණක් වැඩ බලන ඇමතිවරුන් පත්කර ඇත.

ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එම අමාත්‍යංශයේ වැඩ බලන ඇමති ලෙස පත්කර ඇත. මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ වැඩ බලන මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයා ලෙස පත්කර ඇත. කනක හේරත් රාජ්‍ය ඇමතිවරයා වැඩ බලන තාක්ෂණ ඇමති ලෙස ද, අනූප පැස්කුවල් රාජ්‍ය ඇමතිවරයා වැඩ බලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් ඇමතිවරයා ලෙසද පත් කර සිටී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *