Latestවිදේශීය

ඇමරිකාවට භූ කම්පන සහ අධික වර්ෂාව

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා හි ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කැලිෆෝනියා හි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිනිකොන දෙසින් හටගත් භූකම්පනය ප්‍රදේශ රැසකට දැනී ඇති බව සඳහන් වේ.

ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

මේ අතර ‌කැලිෆෝනියා ප්‍රාන්තයට ප්‍රභල වර්ෂාවක් හටගෙන ඇති අතර එය ඉදිරි දින දෙක තුළ අඛණ්ඩව ඇදහැලෙනු ඇති බවය සදහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *