Latestදේශීය

රජයට සහය දෙන්න සූදානම් – සජිත්

දේශපාලන ක්‍රීඩා නවතා ජාතියේ උන්නතිය වෙනුවෙන් අවංකව කටයුතු කරන්නේ නම් රජයට සහාය දීමට සූදානම් බව සමගි ජන බලවේගය සූදානම් බව එම පක්‍ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

රජය සද්භාවයෙන් කතා කටයුතු කරන්නේ නම් තම විශේෂඥ දැනුම සහ සහයෝගය රජයට ලබා දීමට පක්ෂයක් ලෙස සූදනම් බවත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අද වන විට රට පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක බවත් දිගු නියඟයට මුහුණ දෙමින් සිටින බව පැවසූ ඔහු ගුරුවරුන් පන්දහසක් පමණ විදේශගත වී ඇති බවත් වෛද්‍යවරුන් ද රට හැර යමින් සිටින බවත් පෙන්වා දුන්නේය.

රටට පුළුල් ජාතික සැලැස්මක් අවශ්‍ය බවත් නව වාරි ව්‍යාපෘති අවශ්‍ය කරන බවත් මුහුදට ගලා යන ජලය ප්‍රයෝජනයට ගැනීම කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් දේශපාලන ක්‍රීඩා වලින් වැළකී රටේ අභියෝගවලට මුහුණ දීමට ජාතික සැලැස්මක් ක්‍රියාවට නැංවීමට සහාය රජයට සහාය දීමට සූදානම් බව පැවසූ ඔහු තවදුරටත් දේශපාලන ක්‍රීඩාවක යෙදෙන්නේ නම් රජයට සහාය නොදෙන බවද කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *