Latestදේශීයනවතම ලිපි

ජනතාව මුලා කරන ජාතික ආරක්ෂාව මාතෘකාව රනිල් අතට ගනී

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රමුඛ කොට ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හඳුන්වා දෙන ලද ප්‍රචාරක සටන් පාඨ එකින් එක රනිල් වික්‍රමසිංහ මේ වනවිට උදුරා ගෙන ජනගත කරමින් සිටි.

ජාතික ආරක්ෂාව සහ පාස්කු ප්‍රහාරය පිළිබඳව නැවත ජනතාවගේ අවධානය යොමු කිරීමට පසුගිය සතියේදී රනිල් වික්‍රමසිංහ ක්‍රියාකර තිබිණි. මෙයට පෙර රොහාන් ගුණරත්න මහාචාර්යවරයා යොදා ගනිමින් එම ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නොවන බව ප්‍රචාරය කර තිබූ පසුබිමක ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශ විශේෂත්වයක් ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ ස්වේච්ඡා බල සේනාව වෙත පසුගිය 18 වෙනිදා බූස්ස නාවික හමුදා කඳවුරේදී වර්ණ ප්‍රධානෝත්ස්වයට සහභාගී වූ ජනාධිපති ජාතික ආරක්ෂාව සහ පාස්කු ප්‍රහාරය පිළිබඳව කරුණු මතු කර තිබිණි.

රජයේ නිල වෙබ් අඩවිය ඒ පිළිබඳව සඳහන් කර තිබුණේ “විශේෂයෙන් අභ්‍යන්තර තර්ජන එනම් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සිදුවීම්වලිවන් තමයි බොහෝ රටවලට අභ්‍යන්තර තර්ජන එල්ල වන්නේ. මේ සඳහා අප සූදානම් විය යුතුයි. අද ලෝක දේශපාලනයට අප සම්බන්ධ වී සිටිනවා. අප කැමති වුණත්, අකමැති වුණත් අප ඒ පිළිබඳව සිතිය යුතුයි. “ යනුවෙනි.

මෙම ප්‍රකාශය තුළ එක් පැත්තකින් ජනතාව බිය වැද්දීමේ අදහසක් ද තිබෙන බව පැහැදිලි ය. පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් සඳහා අප සූදානම් විය යුතු බව ප්‍රකාශ කර තිබීම එයට හේතුව වේ.
පාස්කු ප්‍රහාරය එල්ල කරන විට රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ අතර ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවීම සඳහා එම ප්‍රහාරයෙන් ජනතාව තුළ හට ගත් භීතිය විශාල ලෙස පිටුබලයක් විය. මීලඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ සූදානම් වෙමින් සිටින පසුබිමක සිදු කරන මෙම ප්‍රකාශ පිළිබඳව වඩාත් අවධානය යොමු කිරීම අතීත අත්දැකීම් මතින් කළ යුතුව තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *