පඬුකරඳ ගහක්වත් තියන්නේ නැති ආන්ඩුවක් මේක
අද වන විට ශ්‍රී ලංකාව තුළ පඬුකරඳ ගහකට වත් ආරක්ෂාවක් නැති තත්වයක් ඇතිව තිබෙන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
එම පක්ෂයේ ගම්පහ ආසන බල මණ්ඩල සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
පඬු කරද හකටවත් ආරක්ෂාවක් නැති රටක් බවත් මහා රාත්‍රියේ පැමිණ ගස ගලවාගෙන ගොස් වල දමන රටක් ඇති වී තිබෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.
පසුගිය වසරක කාලයක් ඇතුළත වන අලින් 439 දෙනකු ඝාතනය කිරීමෙන් පෙනී යන්නේ පුරවැසියන්ට පමණක් නොව සතා සිවුපාවුන්ට පවා ආරක්ෂාව නැති රටක් නිර්මාණය වී ඇති බව ද හෙතෙම පැවසීය.
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පුරවැසියන්ට පමණක් නොව පරිසර පද්ධතියට ද ආරක්ෂාව තිබෙන රටක් ගොඩනගන බව ද හෙතෙම එහිදී සඳහන් කළේය.
රට අතහැර යන ක්‍රියාවලිය වෙනුවට රට ගිය හැරගිය අය නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

