Latestදේශීය

ත්‍රිකුණාමලයේ ජැටිය කඩා වැටේ – සිසුවියන් පිරිසක් අනතුරට

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර මගින් සංචාරකයින් උදෙසා පවත්වාගෙන යනු ලබන යාත්‍රා සේවයට අයත් යාත්‍රා නැංගුරම් දමනු ලබන ජැටියේ කොටසක් අද සවස පාසැල් දැරියන් 14ක් සමග කඩා වැටී තිබේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල්ගමුවේ සිරිසඟබෝ පාසලේ දැරියන් පිරිසකි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය පවසන්නේ තුවාළ ලැබූ පාසැල් දැරියන් සුළු තුවාල ලබා ඇති බවත් ඔවුන් ගෙන් 12 දෙනෙකු ත්‍රිකුණාමලය නාවිකා හමුදා රෝහලටත් තවත් දැරියන් දෙදෙනෙකු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලටත් වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇතුළත් කළ බවය.

ජැටිය කඩා වැටී සිදුවූ අනතුරින් පසු ත්‍රිකුණාමලය ඇතුළු වරාය නැරඹීමේ සංචාරක යත්‍රා සේවය තාවකාලිකව නවතා දැමීමට නාවික හමුදාව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *