රෝහල්වල ශල්‍යකර්ම නවතින ලකුණු?
දැනටමත් රෝහල් කිහිපයකම ශල්‍යකර්ම සීමා වී ඇති බවත් ඉදිරියේදී රෝහල්වල ශල්‍යකර්ම නවතින ලකුණු පහළවෙමින් පවතින බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර අවධාරණය කරයි.
මේ වනවිට ශල්‍යකර්ම සිදුකිරීමට පෙර රෝගීන්ට නිර්වින්දනය කිරීමට භාවිතා කරන නිර්වින්දන වායු ඖෂධ රටපුරා රෝහල්වල හිඟයක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම මෙම හේතුව නිසාම නුවරඑළිය රෝහලේ ශල්‍යකර්ම දින දෙකක් තිස්සේ සීමාකර තිබෙන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර අනාවරණය කරයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

