Latestදේශීය

මහනුවර ජාතික රෝහලේ නොගෙවූ විදුලි බිල කෝටි 6යි

මහනුවර ජාතික රෝහල විසින් රුපියල් කෝටි හයක ජල බිල් පතක් නගර සභාවට ගෙවීමට ඇතැයි එහි හිටපු නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා සඳහන් කරයි.

මේ වන විට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හා රෝගී ජනතාව සම්බන්ධයෙන් කල්පනා කර නගර සභාව විසින් රෝහලට මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන වලට සහන ලබාදී තිබියදී ජල සම්පත් මණ්ඩලය විසින් නාගරික ජල සම්පාදන දෙපාර්තමේන්තුව ඔවුන්ගේ පාලනය යටතට ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේ ය.

මහනුවර දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

නගර සභාව මගින් නාගරික ජනතාවට ජලය ලබා දෙන්නේ මණ්ඩලයට වඩා දෙගුණයකටත් වඩා අඩු මුදලකට බවත් නාගරික ජල සම්පාදන දෙපාර්තමේන්තුව ජල සම්පත් මණ්ඩලය යටතට පත් වූවොත් පවතින ගාස්තුවට වඩා ජල බිලක් ගෙවීමට සිදුවනු ඇති බවද ඔහු පැවසීය.

නගරයේ පාසල් 58 හා සියලු පූජනීය ස්ථානවලට නගර සභාව විසින් ජලය ලබා දෙන්නේ නොමිලේ බවද මණ්ඩලය යටතේ එවැනි සහන ලබා නොදෙනු ඇති බවද හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *