වැග්නර් බලකායේ ප්‍රධානී ප්‍රිගොෂින් ජීවිතක්ෂයට
රුසියාව වෙනුවෙන් යුක්රේනයේ සටන් වැදී සිටි වැග්නර් බලකායේ ප්‍රධානී ප්‍රිගොෂින් රුසියාවේ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ගුවන් අනතුරෙන් එම යානයේ සිටි තවත් පුද්ගලයින් 09 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.

මොස්කව්හි උතුරු ප්‍රදේශයේදී ගුවන් ආරක්ෂක අංශ මගින් බිම හෙළූ ජෙට් යානයක ප්‍රිගොෂින් සිටි බවත් එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවත් මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

රුසියාව වෙනුවෙන් යුක්රේනයට එරෙහිව යුදවැදී සිටි වැග්නර් කුලී හමුදාව පසුගිය ජුනි මාසයේදී රුසියානු සන්නද්ධ හමුදාවන්ට එරෙහිව අසාර්ථක කැරැල්ලක් මෙහෙයවීය. නමුත් පැය කිහිපයක් ඇතුළත කැරැල්ල අසාර්ථක වීමෙන් පසු එම බලකාය මොස්කව් බලා පැමිණි ගමන අත්හැර බෙලරූස් රාජ්‍ය කරා පසුබැස ආරක්ෂාව සලසාගෙන තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

