යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට ජලය මුදා හැර අවසන් : මහවැලි අධිකාරිය
යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට පමණ අද දිනය වනවිට ජලය මුදා හැර අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.
මහවැලි ජලාශවලින් භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය මේ වනවිට 18% ක් දක්වා පහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.
තවද එම අධිකාරිය සඳහන් කරන්නේ කලා වැවෙන් පෝෂණය වන සියලු ගොවිබිම් වෙත ජලය මුදා හැරීම ලබන 10 වැනිදායින් අවසන් කරන බවයි.
අනුරාධපුර සහ තලාව ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ලබන 31, 01 සහ 02 යන දිනවල දී තිසා වැව සහ තුරුවිල වැවට කලාවැවෙන් ජලය මුදා හැරීම සිදු කිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන්.
මෙම සැලසුම අනුව බාධාවකින් තොරව එම ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබා දීමට හැකිවනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

