තලංගම ප්‍රදේශයේ වෙඩිතැබීමක්
තලංගම ප්‍රදේශයේදී අද උදෑසන සිදුකළ වෙඩිතැබීමක් හේතුවෙන් 44 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.
මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොරාඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
අද උදෑසන තලංගම රොබට් ගුණවර්ධන මාවතේ කොරාඹේ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙම සිදුවීමෙන් අනතුරුව යතුරුපැදිකරුවන් පළාගොස් ඇති අතර පොලීසිය මේ සමබන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

