දුම්රිය විදුලි කාර්මිකයින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවීමේ තීරණයක
අද (25) දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
දුම්රිය විදුලි කාර්මිකයින් පිරිසක් පෙරේදා දිනයේදී හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබුණේ දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්.
මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් ගතවු දින දෙක තුළ සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවු අතර එහිදී මගීන් දැඩි දුෂ්කරතාවට පත්වු බවයි පැවසෙන්නේ.
දුම්රිය විදුලි කාර්මික සේවකයින් අද පෙරවරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

