විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශීය රටක නිෂ්පාදනය කළ විවිධ වර්ගයේ දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා විසින් බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විවිධ වර්ගයේ විදේශිය දුම්වැටි 11,600ක් පමණ ළඟ තබාගෙන සිටි බව සඳහන්.
විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාගාල්ල, ගාල්ල ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකල බව වැඩිදුරටත් සඳහන් වේ.
මෙම පුද්ගලයා මාගාල්ල, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකු වන අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

