Latestදේශීය

අල්ලස් ලබාගත් ඩිපෝ භාර නිලධාරියෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එම  අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඊයේ (24) මැදිරිගිරිය විහාර මාවතේදී මෙම නිලධාරියා විසින් දියසෙන්පුර ඩිපෝවේ බස්රථ කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

අදාල බස්රථ කොන්දොස්තරවරයා විසින් මගීන්ට ප්‍රවේශපත් ලබා නොදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඔහුව නිදහස් කිරීම වෙනුවෙන් ඩිපෝව භාර නිලධාරියා මෙලෙස අල්ලස් මුදලක් ලබාගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකාර නිලධාරියා පොළොන්නරුව පොලීසියට භාරදීමෙන් පසු කොළඹට රැගෙනවිත් ඇති බව සඳහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *