Latestදේශීය

තලංගම ප්‍රදේශයේ වෙඩිතැබීමක්

තලංගම ප්‍රදේශයේදී  අද උදෑසන සිදුකළ වෙඩිතැබීමක් හේතුවෙන් 44 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොරාඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

 අද උදෑසන තලංගම රොබට් ගුණවර්ධන මාවතේ කොරාඹේ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම සිදුවීමෙන් අනතුරුව යතුරුපැදිකරුවන් පළාගොස් ඇති අතර පොලීසිය මේ සමබන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *