සාගර,පොහොට්ටුව ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්න – නිමල් ලංසා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිහාසය ගැන වැරදි කරුණු තැන් තැන්වල කියන්නේ නැතිව තමන් සමග ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන්නැයි පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට අභියෝග කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.
සාගර කාරියවසම් මහතා විවිධ ප්‍රකාශ කරමින් නව සන්ධානයට හා පෞද්ගලිකව තමාට එරෙහි විවිධ විවිධ ප්‍රකාශ කරන හා කරන බවත් ඔහු පැවසීය.
එසේ එල්ල වන චෝදනා වලට ප්‍රසිද්ධියේ පිළිතුරු ලබා දීමට තමා සූදානම් බවත් ඒ සඳහා ඕනෑම නාලිකාවක තමන් හා විවාදයකට පැමිණෙන ලෙස ඔහුට විවෘත ආරාධනා කරන බවද ලංසා මහතා පැවසීය.
පොදුජන පෙරමුණ ආරම්භ කරන අවස්ථාවේ නොසිටි අය අද වනවිට පොහොට්ටුවේ අයිතිකරුවන් වී පක්ෂයේ ඉතිහාසය විකෘති කරමින් විවිධ ප්‍රකාශ කරමින් සිටින බවද පැවසූ මන්ත්‍රීවරයා නව දේශපාලන සන්ධානය පිහිටුවීම හේතුවෙන් මෙසේ හැසිරෙන බව ද පැවසීය.
සාගර කාරියවසම් මහතා ජාතික ලැයිස්තුවෙන් පත්වූ බව අමතක වී මෙසේ ඉතිහාසය විකෘති කර ප්‍රකාශ කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

