Latestදේශීය

සුධර්මාගේ නිවසේ ඝාතනයට සම්බන්ධ වූ සියලු සැකකරුවන් අත්අඩංගුවට

ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ කොළඹ නිවසේ මෙහෙකාරියක් මරණයට පත්වීම සම්බන්ධයෙන් සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අදාළ මෙහෙකාරියගේ මරණය මොට ආයුධයකින් පහර දීමෙන් සිදු වූ ඝාතනයක් බවට තීරණය කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

අදාළ මරණය සම්බන්ධයෙන් කැදවන ලද සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය වාර්තාව සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මියගිය කාන්තාවගේ මරණයට හේතුව මොට ආයුධයකින් එල්ල කරන ලද පහර දීමේ ප්‍රතිඵලයක් ලෙස ශරීර අභ්‍යන්තරයේ රුධිර වහනයක් හා කම්පනයෙන් වූ මරණයක් බවට මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම ඝාතනයට අදාළ සියලු සැකකරුවන් අත්අඩංගුවට වහා අධිකරණය ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *