Latestදේශීය

Xpress Pearl නෞකා වන්දිය ඩොලර් මිලියන 850,000ක් ලැබෙනවා

ශ්‍රී ලංකා මුහුදේ දී සිදුවූ Xpress Pearl නෞකා අනතුරට අදාළව ඩොලර් මිලියන 850,000 ක වන්දි මුදලක් ගෙවීමට අදාල නෞකා සමාගම එකඟ වූ බව අධිකරණ, බන්ධනාගර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඊට අමතරව රුපියල් වලින්ද තවත් මුදලක් ලබා දීමට ඔවුන් එකඟතාවය පළ කර ඇති බවද හෙතෙම පැවසීය.

අදාළ නඩුව සිංගප්පූරු අධිකරණයේ පැවරුවාට පසු ඊට අදාළ රක්ෂණ සමාගම සමඟ සිදුකරන ද සාකච්ඡා වලදී ඔවුන් මෙම එකඟතාවයට පැමිණි බවද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *