බැංකු පොලිය පහළට
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ.
උකස් පොලී අනුපාත, ණයපත් පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතය යනාදියේ පොලී අනුපාත අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත.
චක්‍රලේඛයේ සඳහන් පරිදි 1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මඟින් පොලී අනුපාත සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කර ඇත.
සාමාන්‍ය ණය පොලී අනුපාතය සියයට 13.5 මට්ටමේ පවත්වාගෙන යන ලෙස එමඟින් දන්වා ඇත.
එමෙන්ම බලපත්‍රලාභී බැංකු මඟින් උකස් පොලී අනුපාතය සියයට 18ක් ලෙසත් ණයපත් පොලී අනුපාතය සියයට 28ක මට්ටමක පවත්වා ගෙන යන ලෙසත් මෙමඟින් දන්වා තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

