ජනමත විචාරණයකින් මිසක් ඉන්දියාවට පාලම් බැහැ
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පාලමක් ඉදි කරන්නේ නම් ඒ ගැන ජනමත විචාරනයක් පැවැත්විය යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරයි.
කාදිනල් හිමියන් මේ බව කියා සිටියේ රාගම තේවත්ත ජාතික බැසිලිකාව පැවති දේව මෙහෙයකදීය.
‘ඉන්දියාවට පාලමක් හදනවලු. දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදැයි. ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. හමුදාවක් එව්වා ලංකාවට. ඔබට මතකයි ඒ අයගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපිට බල කෙරුවා. බල කරලා ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තාම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කතා කියන්නේ. අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා ඉඳලා නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. ලංකාව එදා ඉඳලම තිබුණේ වෙනම. මේ රටේ රජවරු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබුණ ආර්ථික ගනුදෙනුවලට ගනුදෙනු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නෑ කාටවත්ම. විදේශීය ජාතියකට අපේ රට යට වුණා නම්, යට වුණේ ආදරණීය සහෝදර සහෝදරියණි, අපේ නායකයින්ගේ පාවාදීම නිසයි. හෙටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ පාලමක් හැදීම පිළිබඳ අදහස සඳහා විශේෂ මහජන මත විමසුමක් ඇති කළ යුතුයි. මහජනතාවගේ මතය නැතිව මේ දේවල් කිරීම වැරදියි’
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

