Latestදේශීය

රටට අහිමි වන වෛද්‍යවරු

පසුගිය 2022.06.01 සිට 2023.05.31 දක්වා වසරක කාලසීමාව තුළ රෙමට ශ්‍රේණිධාරි වෛද්‍යවරු 850 දනෙකු සේවය හැර ගොස් ඇති අතර ඉන් වෛද්‍යවරු 544 දෙනෙකු වැටපු රහිත නිවාඩු ලබා විදේශගතවී අතැයි අනාවරණය වේ.

මේ බව අනාවරණය වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති තොරුතරුවලට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II ආචාර්ය ඒ.එස්.ජී විජේසූරිය විසින් යොමු කර ඇති එම තොරතුරු ඇතුළත් ලිපිය අනුවය.

වැටපු රහිත නිවාඩු ලබා විදේශගත වී ඇති වෛද්‍යවරු 544 දෙනාට අමතරව වෛද්‍යවරු 197 දෙනෙකු සේවය හැර ගොස් ඇති බවත් තවත් වෛද්‍යවරු 109 දෙනෙකු සේවයෙන් ඉල්ලා අස් වී ඇති බවත් එම ලිපිය අනුව තහවුරු වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *